දැනුම

දැනගෙන කලොත් රස ගඟුලකි ගුද සංසර්ගය

ගුද සංසර්ගය කියන්නේ මොකක්ද?

ගුද සංසර්ගය කියන්නේ පුරුෂ ලිංගයක් හෝ පුරුෂ ලිඟු ආදේශකයක් ගුද මාර්ගයට ඇතුලත් කරමින් සිදුකරන සංසර්ගයයි. ගුදය ස්වභාවිකව නිර්මාණය වෙලා තියෙන්නේ ඇතුලත තිබෙන දේවල් පිටතට දැමීමට මිස, පිටත දේවල් ඇතුලට දැමීමට නෙමෙයි. අභ්‍යන්තර සහ පිටත ගුද වක්‍ර පිධාන ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයෙන්. නමුත් ගුද සංසර්ගය කියන්නේ ඊට විරුද්ධ දෙයක්.

මානව ගුද මාර්ගය
මානව ගුද මාර්ගය

ගුද සංසර්ග ආකාර කිහිපයක් තියෙනවා.

  1. පුරුෂ ලිඟුව ඇතුලත් කර සිදුකරන ගුද සංසර්ගය
  2. පුරුෂ ලිඟු ආදේශ ඇතුලත් කර සිදුකරන ස්වයං ගුද සංසර්ගය
  3. ඇඟිල්ලෙන් ගුද මාර්ගය උත්තේජනය කිරීම
  4. මුඛයෙන් ගුද මාර්ගය උත්තේජනය කිරීම
  5. Pegging ක්‍රමය

ගුද සංසර්ග ආකාර කිහිපය

ගුද මාර්ගයේ සංසර්ගයෙන් ගුද මාර්ගය ආශ්‍රිත ස්නායු උත්තේජනය වීම නිසා ගුද ලිංගික සතුටක් ඇතිවෙන්න පුළුවන්. සමහරෙකුට ගුද සංසර්ගය ඉතා වේදනාකාරී වුවත් එම වේදනාවම උත්තේජනයක් සහ වින්දනයක් වන පිරිසක්ද ඉන්නවා. ගුද සංසර්ගය නිසා ඒඩ්ස්, සිපිලිස්, ගොනෝරියා වැනි ලිංගික රෝග බෝවීමේ සීග්‍ර තාවය වැඩි යයි මතයක් තිබුනත්, නවතම සොයාගැනීම් වලට අනුව එවැන්නක් නොවන බවත් සාමාන්‍ය යෝනි මාර්ගයේ ලිංගික එකතුවීමට වඩා ගුද සංසර්ගයෙන් එම රෝග බෝවීම අඩු බවත් සොයාගෙන තිබෙනවා. නමුත් මෙම සංසර්ගය නිසා ගුද මාර්ගය ආශ්‍රිත සංකූලතා, ආසාත්මිකතා සහ තුවාල වීම් ඇතිවෙන්න පුළුවන්.

ගුද සංසර්ගයට දායක වන ගුද මාර්ගයේ අවසන් කොටස (ගුදය)
ගුද සංසර්ගයට දායක වන ගුද මාර්ගයේ අවසන් කොටස (ගුදය)

කවුද, කොහොමද ඔය ගුද සංසර්ගය කරන්නේ ?

ගුද සංසර්ගය බොහෝ විට සිදුවන්නේ පිරිමි සමලිංගිකයන් අතරයි. නමුත් විරුද්ධ ලිංගිකයන් අතරෙත් ගුද සංසර්ගය පවතියි. ගුද සංසර්ගය අසාමාන්‍ය, විකෘති තත්වයක් හෝ විකෘති ආශාවක් නොවේ. සියලුම සමලිංගිකයන් ගුද සංසර්ගය කරන්නේ නැහැ වගේම සියලුම විරුද්ධ ලිංගිකයනුත් ගුද සංසර්ගයේ යෙදෙන්නේ නැහැ.

ඊට අමතරව ගැහැණු + ගැහැණු අතර සිදුවන සමලිංගික ක්‍රියාකාරකම් වලදී object insertion මගිනුත් ගුද සංසර්ගය Pegging ක්‍රමයෙන් සිදු වෙනවා සිදු වෙනවා.

වර්තමානයේ ලංකාව වගේ රටවල් වල කන්‍යාභාවය ප්‍රවේශම් කරගන්න කියලා කසාද බඳින්න කලින් යාලු වෙලා ඉන්න කෙල්ලට කොල්ලෝ කරන්නෙත් මේක.

ප්ලාස්ටික් හෝ රබර් වලින් සාදපු කෘතීම පුරුෂ ලිඟු වලින්, පෑන්, පැන්සල්, ප්ලාස්ටික් බට, කැරට්, වම්බටු වැනි එළවලු වර්ග, පර්යේෂණ නළ (test tube) වැනි දේවල් ගුදමාර්ගයට ඇතුලත් කරගනිමින් ස්වයං ගුද සංසර්ගය සිදුකරගන්නා පිරිසක්ද ඉන්නවා. නමුත් එවැනි දේවල් වලින් ගුද මාර්ගයට හානි සිදුවීම ලිංගික අවයවයෙන් ගුද සංසර්ගය කරනවාට වඩා වැඩි වෙන්න පුළුවන් වගේම පර්යේෂණාගාර වීදුරු නළ වැනි කැඩෙන, බිඳෙන සුළු ඒවායින් බරපතල තුවාල මෙන්ම මරණය පවා ඇතිවෙන්න පුළුවන්.

ඉහත සියල්ලටම අමතරව ගුදය දිවෙන් පිරිමැදීම, ගුදය තුලට ඉව දැමීමත් ගුද සංසර්ගයට අයත් වෙනවා. මෙවැනි අවස්ථාවලදී ලිංගික ක්‍රියාකාරකමට පෙර ගුදය හොඳින් පිරිසිඳු කිරීම වඩා වැදගත්.

 

ඇත්තටම ගුද සංසර්ගයෙන් තෘප්තියක් තියෙනවද?

පිරිමි ගැහැණු භේදයක් නැතුව ගුද මාර්ගය වටේ සංවේදී ස්නායු අන්ත (free nerve endings} විශාල සංඛ්‍යාවක් පිහිටලා තියෙනවා. විශේෂයෙන්ම ගැහැණු අයගේ යෝනි මාර්ගය ආසන්නයේ සහ ඒ තුල ඇති ස්නායු සංඛ්‍යාවට වඩා වැඩියෙන් ගුද මාර්ගය ආශ්‍රිතව ස්නායු පිහිටා තිබෙනවා. ඊට අමතරව ගුද මාර්ගයේ බාහිර සහ අභ්‍යන්තර ගුද වක්‍ර පිධාන වලත් (Internal and External anal sphincter) වල අති විශාල වශයෙන් සංවේදී ස්නායු අන්ත පවතිනවා.

ඒ වගේම පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථිය (prostate gland) සහ ගැහැණු අයගේ G-තිත (G-Spot) උත්තේජනය වීමෙන් සුරාන්තයට පත්වෙනවා. එම නිසා ගුද සංසර්ගය කියන්නේ බොහොම තෘප්තිමත් සහ වින්දනීය එක්වීමක්.

හැබැයි සංවේදී ස්නායු අන්ත අධික ප්‍රදේශයක් නිසා ක්‍රමවත්ව සිදු කලේ නැත්නම් තමන්ගේ සහකරු හෝ සහකාරියට මේක ඉතාම වේදනාත්මක කුරිරු අත්දැකීමක් වෙන්නත් පුළුවන්.

දිව මගින් ගුදය උත්තේජනය කිරීමෙන් ඉතාම සියුම් සහ මෘදු උත්තේජනයක් ලබන්න පුළුවන්.

G-තිත සහ පුරස්ථි ග්‍රන්ථිය

ගුද සංසර්ගය නිසා අතුරු ආබාධ ඇතිවෙන්න පුලුවන්ද?

ප්‍රධාන වශයෙන්ම ගුද විවරය සහ ගුද මාර්ගය තුවාල වීමට, පැලුම් ඇතිවීමට (cracks and fissures), ගුද මාර්ගය ප්‍රපතනය වීම (rectal prolapse), අර්ශස් තත්ත්ව (hemorrhoids) වගේ රෝගී තත්ත්වත් ඇතිවෙන්න පුළුවන්.

ප්‍රමාණවත් තරම් ලිහිසි ද්‍රව්‍ය සහ ක්‍රමානුකූල ක්‍රම භාවිතයෙන් මෙම තත්ත්ව අවම කරගන්නත් පුළුවන් වෙනවා.

ගුද සංසර්ගය කිරීම නිසා, ගුද වක්‍ර පිධාන දුර්වලවීම හේතුවෙන් මළපහ පාලනය කරගන්න බැරි තත්වයක් ඇතිවෙන්න පුළුවන් කියලා මතයක් තිබුනත් ඒක සම්පුර්ණයෙන්ම ඇත්තක් නෙමෙයි. මොකද ක්‍රමානුකූලව ගුද සංසර්ගය සිදු කිරීමෙන් ඒ තත්වය අවම කරගන්න පුළුවන්.

නමුත් නිතරම ගුද සංසර්ගය සිදු කිරීමෙන් නිතරම තුවාල වීම්, පැලීම්, ගුද ස්වයං වින්දනය වැනි අවස්ථාවලදී ගුද මාර්ගයට ඇතුලත් කරගන්නා විශාල ආගන්තුක දේවල්, Anal Fisting වැනි ක්‍රම නිසා ගුද මාර්ගයේ වක්‍ර පිධාන දුර්වල වෙලා මළපහ පාලනය කරගන්න බැරි තත්වයක් උදාවෙන්න පුළුවන්.

Anal Fisting
Anal Fisting අවස්ථාවක්

මොකද ගුද මාර්ගය කියන්නේ ඇතුලේ තියෙන දේවල් පිටට දාන්න නිර්මාණය වුන ශරීර කොටසක් මිසක් පිටත තියෙන දේවල් ඇතුලට දාගන්න නිර්මාණය වුන කොටසක් නෙමෙයි. මේ කියන්නේ සම්මතය හෝ අසම්මතය කියලා නෙමෙයි. ස්වභාවික හෝ අස්වාභාවික ලිංගික ක්‍රියාවක් කියලත් නෙමෙයි. මේ කියන්නේ නිර්මාණය වෙලා තියෙන විදිය විතරයි. ගුද සංසර්ගය කියන්නේ අස්වාභාවික හෝ අසම්මත ලිංගික ක්‍රියාවක් නෙමෙයි කියලා ඔප්පු වෙලා තියෙනවා කියන එක අපි මේ ලිපියේ මුලින්ම කිව්වා.

ගුද සංසර්ගයෙන් ගැබ් ගන්නවාද?

ගුද සංසර්ගයෙන් ගැබ් ගන්නවාද?

සම ලිංගිකයෝ නම් ලිංගිකව මොන දේ කලත් ගැබ් ගන්න විදියක් නැහැනේ. හැබැයි කාන්තාවක් සමඟ පුරුෂයෙක් ගුද සංසර්ගය කලොත්, කාන්තාවගේ ගුදයේ තැවරෙන හෝ ගුදයෙන් පිටවන ශුක්‍රානු යෝනි මාර්ගය වෙතට ගලාගෙන විත් එයට ඇතුළු වූවොත් නැතිනම් යෝනියේ තැවරුනොත් ගැබ් ගැනීමේ අවදානමක් ඇතිවෙන්න පුළුවන්.

ඒ නිසා කාන්තාවන් සමඟ පුරුෂයන් ගුද සංසර්ගය කිරීමෙන් පසුව කාන්තාවගේ ගුද මාර්ගයේ ශුක්‍රානු හොඳින් පිටවනතෙක් වැසිකිලියට ගොස් තටමා ඒවා ගුදයෙන් පිට කරගන්න. අනතුරුව ගුද විවරය සහ ඒ අවට හොඳින් සබන් යොදා සෝදා, පසුව යෝනි මාර්ගය පෙදෙසත් හොඳින් සබන් යොදා පිරිසිඳු කරගන්න.

ගුද මාර්ගය සහ යෝනි ප්‍රදේශය එකවර සේදීමෙන්ද ජලය සමඟ ශුක්‍රානු මිශ්‍ර වී යෝනි මාර්ගයට ඇතුළු වීමේ අවදානමක් ඇතිවිය හැකි නිසා එකවර සෝදා පිරිසිඳු කිරීම නොකරන තරමට යහපත්.

ලිංගාශ්‍රිත රෝග සම්ප්‍රේෂණය වීම

යෝනි සංසර්ගයට වඩා ගුද සංසර්ගයෙන් HIV AIDS සම්ප්‍රේෂණය වීම අඩුයි කියලා අලුත්ම පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා. අපි එ ගැන කලින් ලිපියක සඳහන් කළා. ඒ ලිපිය ඔබට කියවන්න අවශ්‍ය නම් මෙතැන click කරලා ඒ ලිපියට යන්න පුළුවන්.

ගොනොරියාව, Hepatitis (A,B,C,), HSV (Herpes Simplex Virus), HPV (Human Papiloma Virus), (HHV-8) වගේ මෙකී නොකී ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග බොහොමයක් ආසාදනය වෙන්න පුළුවන්. ඒ අතරිනුත් HPV (Human Papiloma Virus) ආසාදනය වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වෛරසය පිළිකා කාරක වෛරසයක් නිසා ආසාදනය වුනොත් ගුද මාර්ගය හා ගුද විවරයේ පිළිකා තත්වයක් ඇතිවෙන්නත් පුළුවන්.

ඊට අමතරව ප්‍රධාන වශයෙන් ලිංගිකව බෝ නොවන ටයිපොයිඩ් උණ, අමෝබියා රෝගය(ඇමීබා අතීසාරය) ක්ලැමීඩියා, salmonellosis, ක්ෂය රෝගය රෝගත්, තවත් බොහෝ රෝගී තත්ත්වයනුත් ගුද සංසර්ගය හරහා ව්‍යාප්ත වෙන්න පුළුවන්.

ගුද සංසර්ගය මේ වගේ රෝග ව්‍යාප්තියට සම්මාන අරගෙන තියෙන්නේ ගුද සංසර්ගයෙන් නිතරම තුවාල, පැලුම් ඇතිවෙන්න පුළුවන් වගේම ගුද මාර්ගය ශ්ලේෂ්මල පටල (Mucous Membranes) වලින් බහුල වීමත් නිසයි. මේකට ස්ථීර විසඳුමක් නැතත්, වටේ යන්නේ නැතුව විශ්වාසනීය නිරෝගී සහකරුවෙකු හෝ සහකාරියක් සමඟ ගුද සංසර්ගය කිරීමත්, කොන්ඩම් පැළඳීමත් දක්වන්න පුළුවන්.

මුත්‍රා ආසාදන ඇතුළු වෙනත් ආසාදන තත්ත්ව

මුත්‍රා ආසාදන තත්ත්ව ඇතිවෙන්න පුළුවන් ප්‍රධානම හේතුව තමයි කොන්ඩම් පාවිච්චි නොකිරීම. ඒ වගේම ගුද මාර්ගය ආශ්‍රිතව අපිරිසිඳු බව. ගුද මාර්ගය කියන්නේ ශරීරයේ අහිතකර ක්ෂුද්‍ර ජීවීන් අධිකම ස්ථානය. ඒ නිසා ගුද සංසර්ගයේදී මුත්‍රා මාර්ගයේ ආසාදන ඇතිවෙන්න පුළුවන් ඉතාම පහසුවෙන්ම.

මුත්‍රා මාර්ගයේ ආසාදන උණ හෙම්බිරිස්සාව වගේ ගණන් නොගෙන ඉන්න පුළුවන් තත්වයක් නෙමෙයි. ඒ වගේ ආසාදිත තත්ව වලදී මුත්‍රා මාර්ගය හරහා විසබීජය ගමන් කරලා වකුගඩු පවා අක්‍රීය වෙන්න පුළුවන්.

ඒ වගේම ගුද මාර්ගයට දිව දැමීමෙන්, දිව දමන පුද්ගලයාගේ ආහාර මාර්ගයට පණු බිත්තර, පණුව,න්, වගේ පරපෝෂීන් ඇතුළු වෙන්න පුළුවන්. ඊට අමතරව සැල්මොනෙල්ලා වගේ බැක්ටීරියා ආසාදනය වුනොත් ඉතා අහිතකර රෝගී තත්ත්ව ඇතිවෙන්න පුළුවන්.

දැනට මේ ඇති….
ඊළඟ ලිපියෙන්,
ගුද මාර්ගයේ අවදානම් තත්ත්ව අවම කරගන්න විදියත්
ගුද මාර්ග සංසර්ගයේ ඉරියව් ගැනත්
වැඩිපුර කතා කරමු….


Update 2018-05-11

ගුද සංසර්ගය පහසු කරන ඉරියව් 10ක්‘ සටහන කියවීමට මෙම button එක click කරන්න

ගුද සංසර්ගය පහසු කරන ඉරියව් 10ක්
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − nine =

සබැඳි ලිපි

Back to top button