දැනුම

ගුද සංසර්ගයේ අවදානම් තත්ත්ව අවම කර ගන්න මේ සටහන කියවන්න

මේ සටහන අපි කලින් ඉදිරිපත් කරපු සටහන් දෙකක ඉතිරි කොටස.

පළවෙනි එක තමයි “දැනගෙන කලොත් රස ගඟුලකි ගුද සංසර්ගය” ලිපිය. ඒ ලිපිය කියවන්න පුලුවන් පහත button එක click කරලා.

දෙවෙනි එක තමයි “ගුද සංසර්ගය පහසු කරන ඉරියව් 10ක්” ඒ ලිපිය කියවන්න කැමති අයට පහත button එක click කරලා කියවන්න පුළුවන්.
අපි නම් කියන්නේ පළවෙනි දෙවෙනි දෙකම කියවලා මේකත් කියවන්න කියලයි.

පලවෙනි සටහනේ අපි කතා කළා ගුද සංසර්ගයේ තියෙන අතුරු ආබාධ ගැන. අද අපි කතා කරන්නේ ඒ අතුරු ආභාද කොහොමද අවම කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් සියයට සියයක් අතුරු ආබාධ නැති කරගන්න බැහැ. නමුත් අවම කරගන්න පුළුවන් සූදානම හා අවබෝධය මත.

01 – මුලින්ම සහකාරියගේ හෝ සහකරුගේ ගුද විවරය අවට පිරිසිඳු කරගන්න. ඒ වගේම ගුද මාර්ගයේ මළ පහ නැතිබව තහවුරු කරගන්න. පසුව ලිහිසි ද්‍රව්‍යය (Lubricant) ගුද විවරය අසල හොඳින් තවරන්න.

02 – ඊට පස්සේ තමුන්ගේ අතේ ඇඟිල්ලක ලිහිසි ද්‍රව්‍ය වලින් ආලේපනය කරගෙන ගුද විවරය තුලින් ගුද මාර්ගයට ඇතුලත් කරන්න. හැබැයි අප්‍රසන්නයි වගේ නම් ඇඟිල්ලට කොන්ඩම් එකක් දාගෙන මේ වැඩේ කරන්න පුළුවන්. ඇතුළු කරලා ඒ මේ අත කරකවමින් හොඳින් සම්බාහනය (massage) කරන්න ඕනේ. එහෙම කරන්නේ හේතු දෙකක් නිසා. එකක් තමයි ගුදය මදක් විවර කරගන්න, පේශි මදක් ලිහිල් කරගන්න. හේතුව තමයි තමන්ගේ සහකරුට හෝ සහකාරියට ගුද සංසර්ගය වේදනාකාරී දෙයක්ද කියන එක මුලින්ම අවබෝධ කරගන්න. මේ ක්‍රියාවලිය මිනිත්තුරැ 15ක් 20ක් වගේ කරන්න. එතකොට ගුද මාර්ගය ලිහිල් වීමකට ලක් වෙනවා.

03 – ඔන්න ඊට පස්සේ පුළුවන් ගුද මාර්ගයට ශිෂ්ණය ඇතුළු කරන්න. හැබැයි ඊට කලින් ශිෂ්ණයට හොඳින් ලිහිසි ද්‍රව්‍ය තවරන්න ඕනේ. නමුත් කොන්ඩම් එකක් පළඳින්න පුළුවන් නම් වඩාත් හොඳයි. හැබැයි කොන්ඩම් එක පළඳිනවා නම් ලිහිසි ද්‍රව්‍ය ආලේප කරන්න ඕනේ කොන්ඩම් එක පළඳලා කොන්ඩම් එක මතුපිටයි.

ශිෂ්ණය ඇතුලත් කරනකොට blue films වල වගේ එකපාර ඔබන්න යන්න එපා. එහෙම වුනොත් සහකරුට හෝ සහකාරියට මේක කුරිරු අත්දැකීමක් වෙන්න පුළුවන්. ටිකෙන් ටික ඇතුලත් කරන එක තමයි වඩා සුදුසු.

04 – ගුද මාර්ගය සහ ගුද වක්‍ර පිධාන ලිහිල් කරන විවිධ ඖෂධ වර්ග සහ ලිහිසි ද්‍රව්‍ය ෆාමසි වල තියෙනවා. ඒ වගේම වේදනාව අවම කරගන්න නිර්වින්දනය වෙන ජෙල් වර්ගත් ආලේප කරන්න පුළුවන්. ඒවා ආලේප කලාම වේදනාව අවම හෝ නැති වුනත් ගුද මාර්ගයේ තුවාල, පැලීම් ඇතිවෙන එක වැඩිවෙන්න පුළුවන්. මොකද වේදනාව හෝ සිදුවෙන දෙය සංසර්ගයට ලක්වෙන කෙනාට තේරෙන්නේ නැති නිසා.

05 – අනික් කරුණ තමයි ගුද මාර්ග සංසර්ගයට වඩාත් සුදුසු ලිංගික ඉරියව් වල යෙදීම. ඒ ගැන අපි කලින් ලිපියේ සඳහන් කළා. ඔබට ඒ ලිපිය කියවන්න මෙතැනින් පුළුවන්. ඉහත සඳහන් කරපු button එක හරහා කියවලා ආවා නම් වැටහීමක් ලැබෙන්න ඇති. කොහොම වුනත් ඒ ලිපියේ සඳහන් ඉරියව් වල පමණක් යෙදීම යහපත්. මොකද නොදන්නා ඉරියව් අත්හදා බලන්න ගිහින් වැඩේ වර්චස් කරගන්න එපා.

06 – අන්තිම කාරනාව තමයි ගුද මාර්ග සංසර්ගය කරන්න ඕනේ දෙදෙනාගේම කැමැත්ත මත. මොකද අකමැත්තෙන්, බලහත්කාරයෙන් මේක කරන්න ගියොත් ඇතිවෙන්න තියෙන ආබාධ තත්ත්ව වැඩි වෙන්න පුළුවන් වගේම ලැබෙන සතුටටත් බාධා වෙන්න පුළුවන්.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + 3 =

සබැඳි ලිපි

Back to top button
Close